Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

බුදු සසුනෙහි දායකයා පමණ දත යුතු නොවේ
ප්‍රතිග්‍රාහකයා පමණ දත යුතු වේ

ඒකධම්මපාළි ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 70 - 71)

නොමනා ලෙස කියන ලද ධර්ම විනය ඇති ශාසනයේ දායකයා පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු නොවෙයි.

ඒ කවර හෙයින් ද යත්;

එම ධර්ම විනය නොමනා ලෙස කියන ලද ධර්ම විනයක් වන බැවිනි.

මනාව කියන ලද ධර්ම විනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා පමණ දත යුතු නොවෙයි.

ඒ කවර හෙයින් ද යත්;

එම ධර්ම විනය මනා ලෙස කියන ලද ධර්ම විනයක් වන බැවිනි.


බාගත ​කිරීමට