Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / නිර්මල බුදු සසුන වනසන්න එපා /

සද්ධර්මය අතුරුදහන් වීමට හේතු

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, චුල්ල වග්ග පාළි 2 - පිටු අංක 320 -321 /
අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 38 - 41 / විනය පිටකය, මහා වග්ග පාළි 2 - පිටු අංක 880 - 881)

යම් භික්ෂුවක්,

  • අධර්මය ධර්මය යැයි පෙන්වයි ද,
  • ධර්මය අධර්මය යැයි පෙන්වයි ද,
  • අවිනය විනය යැයි පෙන්වයි ද,
  • විනය අවිනය යැයි පෙන්වයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්ද නොකියන ලද්ද, දේශනා කරන ලදැයි කියන ලදැයි ප්‍රකාශ කරයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද්ද කියන ලද්ද, දේශනා නොකරන ලදැයි නොකියන ලදැයි ප්‍රකාශ කරයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද්ද, පුරුදු කරන ලදැයි ප්‍රකාශ කරයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද්ද, පුරුදු නොකරන ලදැයි ප්‍රකාශ කරයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, පනවන ලදැයි ප්‍රකාශ කරයි ද,
  • තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, නොපනවන ලදැයි ප්‍රකාශ කරයි ද,

ඒ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන් ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ (ගමන් කරන්නේ) වෙයි. ඒ භික්ෂුව බොහෝ පව් උපදවයි.

ඔහු මෙම සද්ධර්මය ද අතුරුදහන් කරයි.


බාගත ​කිරීමට