එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක. මහා කාශ්‍යප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙසේ විචාළ සේක.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පෙර කල ශික්ෂා පද ඉතා මඳ වුවත් බොහෝ භික්ෂූහු රහත් වූහ. දැන් ශික්ෂා පද බොහෝ වුවත් රහතන් වහන්සේලා මඳ වෙති. එයට හේතු කාරණා කිමෙක්ද?”
“කස්සපය, එය එසේ ම වෙයි. සත්වයන් පිරිහෙන විට හා සද්ධර්මය අතුරුදහන් වන විට, ශික්ෂා පද බොහෝ වුවත් රහතන් වහන්සේලා මඳ වෙති.
සද්ධර්මය මෙන් පෙනෙනාමුත් සද්ධර්මය නොවන, අධර්මය ලොව පහළ වන තුරු සද්ධර්මයේ අතුරුදහන් වීම සිදු නොවෙයි.
නමුත් යම් කලෙක අධර්මය උපදී ද, එකල්හි සද්ධර්මය අතුරුදහන් වෙයි. යම් සේ පෙනුමෙන් රන් වැනි වූ රන් නොවූවක් ලොව පහළ වේ ද, අනතුරු ව රන් අතුරුදහන් වෙයි. එසේ ම සද්ධර්මය සේ වන්නා වූ සද්ධර්මය නොවූ අධර්මය ලොව පහළ වේ ද, සද්ධර්මයේ අතුරුදහන් වීම සිදු වෙයි.
කස්සපය, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකෙරෙයි.
හිස් අනුවණ පුද්ගලයෝ මේ බුද්ධ සාසනයේ ම ඉපදී සද්ධර්මය අතුරුදහන් කරති.
නැවක් පැටවූ බඩු බර වැඩි වීමෙන් ගිලී යන නමුත් සද්ධර්මය එසේ බහුල වීමෙන් විනාශයට පත් නොවෙයි.
කස්සපය, මේ බුදු සසුන පිරිහීමට, සද්ධර්මය නැසීමට හා අතුරුදන්වීමට කරුණු පහක් යෙදෙයි. එනම් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී හා උපාසක උපාසිකාවෝ,
තව ද සද්ධර්මයේ පැවැත්ම, නොනැසීම හා අතුරුදහන් නොවීම පිණිස කරුණු පහක් පවතියි. එනම් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී හා උපාසක උපාසිකාවෝ,