කරුණු පහකින් යුතු ස්ථවිර භික්ෂුව
බොහෝ දෙවි මිනිසුන්ට අහිත පිණිස අවැඩ පිණිස පවතියි
ථෙර සූත්‍රය ඇසුරෙන්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 182 - 185)
ධර්ම පහකින් යුතු ස්ථවිර (වස් දහයක් හෝ වස් දහයකට වැඩි) භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, දුක් පිණිස, අවැඩ පිණිස පිළිපන්නේ වෙයි. කවර ධර්ම පහක් ද යත්;
- පැවිදි වී බොහෝ කල් ගෙවා ස්ථවිර භික්ෂුවක් බවට පත්වූයේ වෙයි.
- ප්‍රසිද්ධ වූයේ, කීර්තිමත් වූයේ වෙයි. ගිහි පැවිදි බොහෝ දෙනා පිරිවර කොට ඇත්තේ වෙයි.
- චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර බොහෝ ලබනුයේ ද වෙයි.
- මුල, මැද, අග යහපත් වූ ව්‍යංජන සහිත වූ පරිපූර්ණ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන, එබඳු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු, දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, නුවණින් අවබෝධ කරන ලද්දාහු වෙයි. මිථ්‍යා දැක්මෙන් යුතු වෙයි. විපරීත දර්ශන ඇත්තෙක් ද වෙයි.
- ඔහු බොහෝ ජනයා සද්ධර්මයෙන් ඈත් කර අධර්මයෙහි පිහිටුවයි.
- ඒ ස්ථවිර භික්ෂුව බොහෝ කල් ගත වූ ස්ථවිර භික්ෂුවක් යැයි කියා බොහෝ දෙනා ඔහුගේ දිට්ඨානුගතියට යයි. ඔහුගේ අදහසට කැමති වෙයි.
- ඒ ස්ථවිර භික්ෂුව ප්‍රසිද්ධ බොහෝ පිරිවර ඇති බැවින් දිට්ඨානුගතියට යයි. ඔහුගේ අදහසට කැමති වෙයි.
- ඒ ස්ථවිර භික්ෂුව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර බොහෝ ලබනු යැයි ඔහුගේ දිට්ඨානුගතියට යයි. ඔහුගේ අදහසට කැමති වෙයි.
- ඒ ස්ථවිර භික්ෂුව බහුශ්‍රැත වූයේ, ඇසූ දේ දරන්නේ බොහෝ ඇසූ සූත්‍ර රැස් කර ගත් බොහෝ දැනුම ඇත්තේ යැයි දැක ඔහුගේ දිට්ඨානුගතියට යයි. ඔහුගේ අදහසට කැමති වෙයි.
මේ පංච ධර්මයන්ගෙන් සමන්විත භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, දුක් පිණිස, අවැඩ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, අවැඩ පිණිස පිළිපන්නේ වෙයි.
බාගත කිරීමට 