අවුරුදු සියයක් ආයුෂ ඇති අවුරුදු සියයක් ජීවත් වන පුරුෂයෙක් සිටියි. ඔහුට මෙසේ කියන්නේය.
“පින්වත් පුරුෂය, නුඹට පෙර වරුවේ පිහි පහරවල් සියයක් අනින්නේය, මද්දහනේ ද පිහි පහරවල් සියයක් අනින්නේය, සවසට ද පිහි පහරවල් සියයක් අනින්නේය. මෙසේ දිනපතා පිහි පහරවල් තුන්සියයක් බැගින් වසර සියයක් ජීවත් වනසුලු වූයේ වසර සියයකට පසු අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේය”.
මෙහි අනුසස් දන්නා කුල පුත්‍රයා විසින් එය ඉවසීමට සුදුසුය.
ඒ කවර හෙයින් ද යත්;
මුල් කෙළවරක් ද නොපෙනෙන මේ දිගු සසරේ මේ සත්වයන්ගේ සංසාර ගමනේ අග කෙළවරක් ද නොපෙනෙයි. පිහි පහරවල, කඩු පහරවල ද කෙළවරක් නොපෙනේ.
එසේ වුවත් මහණෙනි, මම දුකෙන් දොම්නසින් යුතු ව චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමක් නොකියමි. තව ද මහණෙනි, මම සුවෙන් සොම්නසින් යුතු ව චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියමි.
කවර චතුරාර්ය සත්‍යයක් ද යත්;
දුක්ඛ ආර්ය සත්‍යය
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වෙයි.
එම නිසා මහණෙනි, මේ දුක යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.
මේ දුකට හේතුව යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.
මේ දුකෙහි නිරෝධය යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.
මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.