රූප වේදනා සංඥා සංස්කාර විඥාන දුරු කිරීම හිත සුව පිණිස ම වෙයි
දුතිය නතුම්හාක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 60 - 63)
මහණෙනි, යමක් තොපගේ නොවෙයි නම් එය දුරු කරවු. එය දුරු කිරීම තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
කුමක් තොපගේ නොවේ ද යත්;
- රූපය තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- වේදනාව තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- සංඥාව තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- සංස්කාර තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- විඥානය තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
බාගත කිරීමට 