Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / පටිච්චසමුප්පාදය දැක ධර්මය දකිමු /

උපාදාන නිරෝධ කරන පිළිවෙත නොදන්නා භික්ෂුව
පැවිද්දෙක් යැයි සම්මත නොවෙයි

සමණබ්‍රාහ්මණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 2 - පිටු අංක 24 - 27)

යම් මහණ බමුණෙක්,

  • උපාදානය මැනවින් නොදනිත් ද
  • උපාදාන සමුදය මැනවින් නොදනිත් ද
  • උපාදාන නිරෝධය මැනවින් නොදනිත් ද
  • උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මැනවින් නොදනිත් ද

ඒ මහණ බමුණෝ, මහණන් කෙරෙහි මහණ යැයි සම්මත ද නොවෙති. බමුණන් කෙරෙහි බමුණු යැයි සම්මත ද නොවෙති.

ඒ මහණ බමුණෝ, පැවිද්දන්ගේ පැවිදි බවෙහි අර්ථයත්, බමුණන්ගේ බමුණු බවෙහි අර්ථයත් මේ ජීවිතයේ දී මනා ව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කොට වාසය ද නොකරති.

  • උපාදානය යනු;
    තදින් අල්ලා ගැනීම වෙයි. උපාදාන සතරකි
    කාම උපාදානය
    දිට්ඨි උපාදානය
    සීලබ්බත උපාදානය
    අත්තවාද උපාදානය
  • උපාදාන සමුදය යනු;
    තණ්හාව හටගැනීමෙන් උපාදානය හටගනියි.
  • උපාදාන නිරෝධය යනු;
    තණ්හාව නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි.
  • උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යනු;
    ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි.
    එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි වෙයි.

බාගත ​කිරීමට