නිවන් මග විවර කරගැනීම පිණිස මෙසේ සද්ධර්මය අසන්න
සම්මත්තනියාම සූත්‍ර ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 284 - 287)
පහත කරුණුවලින් යුතු ව සද්ධර්මය අසන පුද්ගලයා, කුසල ධර්ම සම්පූර්ණ වී, නිවන් මගට පැමිණීමට සුදුසු වෙයි.
- ධර්ම කථාවට පරිභව (නින්දා අපහාස) නොකරයි.
- ධර්ම දේශකයාට පරිභව නොකරයි.
- තමාට පරිභව නොකරයි.
- ජඩ නො වූ කෙළතොලු නොවූ නුවණැත්තෙක් වෙයි.
- ‘නොදන්නා ලද්දෙහි නොදනිමි’ යැයි සිත් ඇත්තේ වෙයි.
- එකඟ වූ සිතින් යුතු ව, නොවිසුරුනු සිතින් යුතු ව ධර්මය අසයි.
- යෝනිසෝමනසිකාරයෙන්(නුවණින් මෙනෙහි කිරීමෙන්) යුතු වෙයි.
- ගුණමකු(කළගුණ නො සලකන) නොවූයේ, ගුණ මකු බවින් නොමැඩුණු සිතින් සද්ධර්මය අසයි.
- හෙළා නොදකින අදහසින් සිදුරු නොසොයන අදහසින් සද්ධර්මය අසයි.
- ධර්ම දේශකයා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් යුතු වෙයි.
මෙම කරුණුවලින් යුතු වූ පුද්ගලයා, සද්ධර්මය අසා කුසල ධර්ම සම්පූර්ණ කර, නිවන් මගට පැමිණීමට සුදුසු වෙයි.
බාගත කිරීමට 