Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

දෙව්ලොව සිට පැමිණ බුදු රජුන්ට මදාරා මල් පූජා කර
සුගතිගාමී වී නිවන් දකියි

මන්දාරවපුප්ඵිය ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 518 - 519)

එක් දේවතාවෙක් දෙව්ලොව සිට මදාරා මල් ගෙන මිනිස් ලොවට පැමිණියා. සමාධියෙන් වැඩ උන් විපස්සී බුදු රජාණන් වහන්සේ වෙත ගිය ඔහු එම මල් කුඩයක් ලෙස උන් වහන්සේට ඉහළින් අල්ලා ගෙන සිටියා. මෙසේ සතියක් සිට නැවත දෙව්ලොවට ගියා.

මේ බුද්ධ පූජාවෙහි විපාකය ලෙස ඔහු කල්ප අනූ එකක් සුගතියේ වාසය කර ගෞතම බුදු සසුනේ පැවිදි ව රහත් බව ලැබුවා.


බාගත ​කිරීමට