ලෝක යැයි කියනු ලැබෙයි. කොපමණකින් ලෝක හෝ ලෝක යැයි පැනවීම් වේ ද?
යම් තැනක ඇස ඇත් ද, රූප ඇත් ද, චක්ඛු විඥානය ඇත් ද, චක්ඛු විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් (සම්මුති) ඇත.
යම් තැනක කන ඇත් ද, ශබ්ද ඇත් ද, සෝත විඥානය ඇත් ද, සෝත විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් ඇත.
යම් තැනක නාසය ඇත් ද, ගන්ධ ඇත් ද, ඝාණ විඥානය ඇත් ද, ඝාණ විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් ඇත.
යම් තැනක දිව ඇත් ද, රස ඇත් ද, ජිව්හා විඥානය ඇත් ද, ජිව්හා විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් ඇත.
යම් තැනක කය ඇත් ද, පහස ඇත් ද, කාය විඥානය ඇත් ද, කාය විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් ඇත.
යම් තැනක මනස ඇත් ද, දහම් ඇත් ද, මනෝ විඥානය ඇත් ද, මනෝ විඥානයෙන් දත යුතු ධර්මයන් ඇත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් ඇත.
යම් තැනක ඇස නැත් ද, රූප නැත් ද, චක්ඛු විඥානය නැත් ද, චක්ඛු විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.
යම් තැනක කන නැත් ද, ශබ්ද නැත් ද, සෝත විඥානය නැත් ද, සෝත විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.
යම් තැනක නාසය නැත් ද, ගන්ධ නැත් ද, ඝාණ විඥානය නැත් ද, ඝාණ විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.
යම් තැනක දිව නැත් ද, රස නැත් ද, ජිව්හා විඥානය නැත් ද, ජිව්හා විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.
යම් තැනක කය නැත් ද, පහස නැත් ද, කාය විඥානය නැත් ද, කාය විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.
යම් තැනක මනස නැත් ද, දහම් නැත් ද, මනෝ විඥානය නැත් ද, මනෝ විඥානයෙන් දත යුතු ධර්මයන් නැත් ද, එහි ලෝක හෝ ලෝක යැයි පැනවීම් නැත.