Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

සිතීමෙන් උමතු බවට හේතු වන මේ කරුණු ගැන ඔබත් සිතනවා ද?

අචින්තෙය්‍ය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2 - පිටු අංක 150 - 151)

යමක් සිතන විට උමතු බවට හා විනාශයට පත්වන බැවින් නොසිතිය යුතු, සිතීමට නුසුදුසු කරුණු සතරක් වෙයි.

  • බුදු වරුන්ගේ බුද්ධ විෂය නොසිතිය යුතුය. සිතීමට නුසුදුසු වෙයි. ඒ මන්ද යත් එසේ සිතීමෙන් උමතු බවට හා විනාශයට පත්විය හැකි බැවිනි.
  • ධ්‍යාන ලාභීන්ගේ ධ්‍යාන විෂය නොසිතිය යුතුය. සිතීමට නුසුදුසු වෙයි. ඒ මන්ද යත් එසේ සිතීමෙන් උමතු බවට හා විනාශයට පත්විය හැකි බැවිනි.
  • කර්ම විපාක ගැන නොසිතිය යුතුය. සිතීමට නුසුදුසු වෙයි. ඒ මන්ද යත් එසේ සිතීමෙන් උමතු බවට හා විනාශයට පත්විය හැකි බැවිනි.
  • ලෝක චින්තාව (ලෝකය ගැන කල්පිතයන් අනුමානයන් දර්ශනයන් ආදිය) නොසිතිය යුතුය. සිතීමට නුසුදුසු වෙයි. ඒ මන්ද යත් එසේ සිතීමෙන් උමතු බවට හා විනාශයට පත්විය හැකි බැවිනි.

මේ කරුණු සතර සිතන විට උමතු බවට හා විනාශයට පත්වන බැවින් නොසිතිය යුතුය. සිතීමට නුසුදුසු වෙයි.


බාගත ​කිරීමට